පාරමිතා ප්‍රකරණය / Paramitha Prakaranaya
LKR 310.00
- ISBN – 9789558663069
- Catagary – Buddhism බෞද්ධ
- Author – රේරුකානේ චන්දවිමල මහනාහිමි – Rerukane Chandawimala Thero
- Publisher – ශ්‍රී චන්ද්‍රවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය – Shri Chandrawimala Dharmapusthaka Sanrakshana Mandalaya
Additional information
| Weight | 0.4 kg |
|---|
Out of stock
Description
සම්‍යක් සම්බෝධිය ය, ප්‍රත්‍යේක සම්බෝධිය ය, ශ්‍රාවක බෝධිය ය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නො පැමිණ කිසිවකුට සසර දුකින් මිදී නිවනට නො පැමිණිය හැකි ය. ඒ ඒ බෝධියට පැමිණීමට පිරිය යුතු පාරමිතාවන් සම්පූර්ණ නො කොට කිසිවකුට බෝධිත්‍රයෙන් එකකට වත් නො පැමිණිය හැකි ය.
මෙ කල ලෝකයේ රහතන් වහන්සේලා ඇත් ද? නැත් ද? මෙ කල රහත් විය හැකි ද? නො හැකි ද? යන මේවා අද ලෝකයේ බොහෝ දෙනකුන් අතර පවත්නා ප්‍රශ්නයෝ ය. රහත් වීමේ මග දක්වන්නා වු තථාගතයන් වහන්සේ ගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් ලෝකයෙහි රහත්හු නැත යයි ද, රහන් නො විය හැකි යයිද, නො කිය හැකි ය. මෙ කල පෙර සේ රහතුන් සුලභ නැති බව පමණක් කිය හැකි ය. රහත්හු තමන් ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නො වෙති. දුටු විට රහත් බව දැන ගැනීමට ලකුණක් ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනකුන් දුටුවත් හැඳින ගත නො හැකි ය.
කොළඹට යනු කැමතියකු කොළඹට වැටී ඇති මඟකට බැස, කොළඹ බලා ඒ මඟ ගමන් කොට අවසන් කළ හොත් අවසන් කළ දිනය කවර දිනයක් හෝ වේවා, එදින හේ කොළඹ ය. කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන් රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්ති පුරා අවසන් කළ හොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අර්හත්වයේ ය. රහත් වීමේ ප්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලෙකදී රහත් බවට නො පැමිණිය හැකිය” යි කීම යුක්ති යුක්ත නො වන කථාවෙකි. එසේ කීම තථාගතයන් වහන්සේ ගේ ධර්මයත්, ශාසනික ප්‍රතිපත්තියත් කලකට අවලංගු කිරීමෙකි.



Donald –
Should read