කතිරිනාගේ සනුහරේ | kathirinage Sanuhare

LKR 200.00

or 3 X LKR 66.67 with Koko
or up to 4 X LKR 50.00 with Payzy Payzy

  • ISBN – 9789552082306
  • Catagary – නවකතා
  • Author –  Gunasinha Hettiarachchi ගුණසිංහ හෙට්ටිආරච්චි
  • Publisher – S. Godage & Brothers
  • Pages  – 144
  • කතිරිනාගේ සනුහරේ | kathirinage sanuhare by Gunasinha Hettiarachchi

Additional information

Weight 0.51 kg

Description

කතිරිනාගේ සනුහරේ
1985 රාජ්‍ය සාහිත්‍ය සම්මානය
පුස්තකාලේ පොත් ගොන්නේ හැංගිලා තිබුණු පොත අතට ගත්තේ පොතේ නම නිසාවෙන්මයි.
නවකතාව ලියවී ඇත්තේ 1983 වසරේ දී ය. කාලීන පාඨකයෙක්ට මෙය කියවා අලුත් දෙයක් බලාපොරොත්තු විය නොහැකි ය. සමකාලීන සමාජයේදී නම් මෙය ඉහළින් ම තැබිය හැකි සුවිශේෂී ලියමනකි. නමුත් සාහිත්‍යමය අතින් ඉහළින් තැබිය හැකි සිත්ගන්නා සුලු කතාන්දරයක් මෙහි ඇතුළත් වේ.
ගුණසිංහ හෙට්ටිආරච්චි මහතාගේ පළමු නවකතාව මෙය නමුදු එසේ ආධුනික බවක් කිසිසේත් පෙනෙන්නේ නැත. භාෂා භාවිතය සිත්ගන්නා සුලු අතර රසවත් බස හැසිරවීමෙහිලා කතුවරයා දස්කම් පායි.
නවකතාවේ ප්‍රධාන චරිතය කතිරිනා ය. කතිරිනා සාමාන්‍ය ගැමි කාන්තාවක් වන අතර පුතුන් දෙදෙනෙකුගේ හා දියණියකගේ මව වූවා ය. ලොකු පුතු ගබිරියෙල් පාඨශාලා ආචාර්වරයෙකි. කපටියෙකි. සුදුසු තැන ඇණ ගැසීමෙහි උපන් හපනෙකි. අනෙකෙකුට උදව්වක් උපකාරයක් කරන්නේ නම් ඉතා කලාතුරකිනි. දෙවැන්නා විජේලිස් ය. ඔහු වඩුවෙකි. පිය උරුමය ගෙන යන සාමාන්‍ය පුද්ගලයෙකි. බාලයා සෝමවතී ය. ඇය තරමක් හිතුවක්කාර දරදඬු ප්‍රචණ්ඩ චරිතයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “කතිරිනාගේ සනුහරේ | kathirinage Sanuhare”

Your email address will not be published. Required fields are marked *


The reCAPTCHA verification period has expired. Please reload the page.

You may also like…

E-mail
Password
Confirm Password
error: Content is protected !!
කතිරිනාගේ සනුහරේ | kathirinage Sanuhare
LKR 200.00
or 3 X LKR 66.67 with Koko
or up to 4 X LKR 50.00 with Payzy Payzy