දංගෙඩිය | Dangediya
LKR 1,750.00
- ISBN – 9789551558598
- Catagary – පරිවර්තන, Russian – රුසියානු කතා
- Author – චින්ගීස් අයිත්මාතව් – Chinghiz Aitmatov, චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka
- Publisher – Subavi Publishers – සුභාවී ප්‍රකාශකයෝ
Additional information
| Weight | 0.4 kg |
|---|
Description
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප්‍රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූප්කවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා දංගෙඩිය’ යනු සෝවියට් සාහිත්‍යයේ මතු නොව විශ්ව සාහිත්‍යයේ ද අගනා මතක සටහනකි.
චිංගීස් අයිත්මාතොව් ගේ THE PLACE OF THE SKULL කෘතිය
මෙම කෘතියෙහි අපට හමුවන තවත් වැදගත් චරිතයක් වනුයේ දෙවියන් වහන්සේගේ වචනය හා පල්ලිය ප්‍රශ්න කිරීම නිසා පල්ලියෙන් නෙරපා හරිනු ලබන පූජකවරයාගේ චරිතය. පූජකවරයා දෙවියන් වහන්සේගේ වචනය නිර්වචනය කරනවා. ඔහුගේ එම නිර්වචනය අධිකාරි පැලැන්තිය නියෝජනය කරන පල්ලියේ නිර්වචනයෙන් වෙනස් වීම හේතුකොටගෙන ඔහුව පල්ලියෙන් නෙරපා හැරීම ඉතා අත්තනෝමතික ලෙස සිදු වෙනවා. තවත් පැත්තකින් නිලධාරිවාදයට හසුව පීඩාවට පත් වෙච්ච විමුක්‌තිකාමී සත්ව පාලකයකුගෙ පවුලක් හමුවෙනවා. මේ චරිත කිහිපයම මේ කතාව තුළ ගමන් කරන්නෙ විනාශය කරා මිස දියුණුව කරා නොවෙයි. එක් පැත්තකින් මෙහි වෘක පවුලක්‌ද සිටිනවා. පරිසරයේ තුලිතතාව බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මිනිසා සමග සටන් වැද අවසානයේ නැතිවෙලා යනවා.



Reviews
There are no reviews yet.